2015 පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

2015 පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

2015 පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

කර්තෘ Staff writer

23 Aug, 2015 | 7:26 am

​පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද දිවයින පුරා මධ්‍යස්ථාන 2907 කදි අද පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත ය.

ඒ සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 340,926 කි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසුවේ, දරුවන් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන කරා රැගෙන ඒමට දෙමව්පියන් පියවර ගත යුතු බව ය.

සෑම විභාග අපේක්ෂකයෙකුම විභාග අංකය සිය ඇඳුමෙහි වම් පස පැළඳ සිටි යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

පිළිතුරු ලිවීම සඳහා පෑන හෝ පැන්සල යන දෙකම භාවිත කළ හැකි බව ද ඔහු පැවසී ය.

විභාග මධ්‍යස්ථාන වෙත ඇතුළු වීමට දෙමව්පියන්ට අවසර නොලැබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]