පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට පෙර පළාත් ප්‍රධාන ඇමතිවරුන් දැරූ ධුරයෙහි රැඳී සිටිනවා ද යන්න දැනුම් දිය යුතුයි

කර්තෘ Staff writer

22 Aug, 2015 | 11:34 am

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට තේරී පත් වූ පළාත් ප්‍රධාන අමාත්‍ය ධුර උසුලන්නන් දිවුරුම් දීමට පෙර තවදුරටත් දැරූ ධුරයෙහි ම රැඳෙන්නේ ද යන්න පිළිබඳව තීරණය කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මෙවර බස්නාහිර, ඌව හා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර ජයග්‍රහණය කළහ.

ඔවුන් පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දෙන්නේ ද නැතහොත් කලින් දැරූ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ම දරන්නේ ද යන්න පිළිබඳව දිවුරුම් දීමට පෙර දැනුම් දිය යුතු වේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දීමේදී දැනට ඔවුන් දරන තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව ය.

මේ අතර පාර්ලිමෙන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ගේ නම් මේ වන විට ගැසට් කර තිබේ.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]