මහ මැතිවරණය ජය ගත් පක්ෂවලට මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක්

මහ මැතිවරණය ජය ගත් පක්ෂවලට මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක්

මහ මැතිවරණය ජය ගත් පක්ෂවලට මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක්

කර්තෘ Staff writer

20 Aug, 2015 | 10:16 pm

මහ මැතිවරණය ජය ගත් ප්‍රධාන පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පත් කෙරෙන නියෝජිතයින් කවුරුන්දැයි ලබන 26 වන දින හෝ ඊට පෙර දැන්විය යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, අදාළ නාම ලේඛන යොමු කරන ලෙස දන්වමින් අද මැතිවරණ කොමසාරිස්වරයා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි වූ පක්ෂවලට ලිපි යොමු කළ බව ය.

ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් අද ගැසට් කළ බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

මේ අතර නව පාර්ලිමේන්තුව සැප්තැම්බර් මස පළමු වන දා රැස්වීමට නියමිත ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු ලබා දීම පිණිස පිහිටුවන තොරතුරු කවුලුව පැවැත්වෙන දිනයන් සංශෝධනය කර තිබේ.

මන්ත්‍රීවරුන්ට තොරතුරු සහ ලිපි ලේඛන ආදිය නිකුත් කිරීම සඳහා පැවැත්වෙන මෙම තොරතුරු කවුලුව අගෝස්තු 24, 25 සහ 26 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසීය.

මහ ලේකම්වරයා නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ එදින පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීම පහසු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාව තහවුරු කළ හැකි වෙනත් ලේඛනයක් රැගෙන ඒමට මන්ත්‍රීවරුන් පියවර ගත යුතු බව ය.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පහත සඳහන් දුරකතන අංක අමතා ලබා ගත හැකි ය.

011-2777549
011-2777273
011-2777367 හෝ
011-2777304

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]