සෝභිත හිමියන්ගෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් (VIDEO)

සෝභිත හිමියන්ගෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් (VIDEO)

කර්තෘ Staff writer

16 Aug, 2015 | 7:33 pm

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ නායක පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අද මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ පිරිස ඉල්ලා සිටියේ, මැතිවරණ නීති කඩකිරීම වළක්වන ලෙස ය.‍

[quote]ඡන්ද‍ කොමසාරිස්තුමාගෙන් අපි ඉල්ලා සිටියේ, ඔබතුමා මෙතෙක් ආ ගමන බොහෝම ප්‍රසන්සණීයයි. යම් යම් කඩ කිරීම් රටේ සිද්ධ වෙමින් පවතිනවා. ඒවත් නැතිකරලා වඩාත් හොඳම මැතිවරණයක් පවත්වන්නට ඔබතුමාට ශක්තිය ලැබෙන්නට කියලා අපි එතුමාට ආශිර්වාද කළා. මොන පක්ෂයෙන් කළත් කමක් නැහැ. මැතිවරණ නීති කඩකරන්න කාටවත් දෙන්න එපා. එහෙම ආරංචි ලැබෙනවා තැන් තැන්වලින් තොරතුරු වාර්තාවෙනවා. ඒ නිසා එතුමාට මතක් කළා. මේ තොරතුරු ලැබෙනවා. අපිට ඒ නිසා කාටවත් ඒවා කඩන්න දෙන්න එපා කියලා කියන එක මතක් කළා.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]