‘සිතන්න’ වැඩසටහනේ 06 වන දිනය අදයි (VIDEO)

‘සිතන්න’ වැඩසටහනේ 06 වන දිනය අදයි (VIDEO)

කර්තෘ Staff writer

06 Aug, 2015 | 9:24 pm

පිරිසිදු පාර්ලිමේන්තුවක් වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමේ වැදගත්කම පහදා දීමට ආරම්භ කළ ‘සිතන්න’ වැඩසටහනේ හයවන දිනය අදයි.

නිවුස්ෆස්ට් ,සිරස ,ශක්ති ‍සිතන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කැෆේ සංවිධානය හා එක්ව ය.

සිතන්න වැඩසටහනේ එක් අදියරක් අද පෙරවරුවේ දෙණියායේදි ක්‍රියාත්මක විය.

යහපත් පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවීමේ වැදගත්කම පිළිබඳව සහ ප්‍රතික්ෂේප නොවන ලෙස ඡන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව දෙණියාය බස් නැවතුම්පොළදී ජනතාව දැනුවත් කෙරුණු අතර ජනතා ප්‍රතිඥාවට ද ඔවුන් අත්සන් තැබූහ.

සිතන්න වැඩසටහ අද කොටපොළදී සහ ඌරුබොක්ක නගරයේදී ද ජනතාව දැනුවත් කිරීමේ නිරත විය.

එහි තවත් අදියරක් අද මාතලේ සහ දඹුල්ල නගරවලදී ද, ක්‍රියාත්මක වුණේ බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයෙනි.

‘සිතන්න’ වැඩසටහන හෙට මාකඳුරට සහ පොළොන්නරුවට පැමිණීමට නියමිත ය.

 

‘සිතන්න’ වැඩසටහනේ 06 වන දිනය අදයි

Posted by Newsfirst.lk on Thursday, August 6, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]