මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 448 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 448 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 448 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

06 Aug, 2015 | 10:18 am

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 448 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, 91 දෙනෙකු පොලීසියට ඉදිරිපත් වූ පැමිණිලි මත අත්අඩංගුවට ගත් අය බව ය.

මේ අතර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අදත් සිදු කෙරේ.

ත්‍රිවිද හමුදා සාමාජිකයින් ඇතුළු රජයේ නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට අද දිනයේත් අවස්ථාව හිමිවනු ඇති.

මේ අතර සිදුවීම් කිහිපයක් හැර ඊයේ දිනයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සාමකාමීව සිදුවූ බව මැතිවරණ නිරීක්ෂකයින් පැවසී ය.

මේ අතර ලක්ෂ හැටපහකට අධික නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විට බෙදාහැර අවසන් බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසනවා.

ඔහු පැවසුවේ ලබන ඉරිදා දිනයේ ද විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ය.

ලබන 10 වන දා වන විට සියලු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]