භාරත ලක්ෂ්මන් ඝාතන නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී ඇරඹේ

භාරත ලක්ෂ්මන් ඝාතන නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී ඇරඹේ

භාරත ලක්ෂ්මන් ඝාතන නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී ඇරඹේ

කර්තෘ Staff writer

06 Aug, 2015 | 5:06 pm

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ නඩු විභාගය අද කොළඹ මහාධිකරණයේදී ආරම්භ විය.

ඒ නඩු විභාගය වෙනුවෙන් පත් කළ ශිරාන් ගුණතිලක, පත්මිණී රණවක ගුණතිලක, එම්.පි.බි. මොරායස් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී මෙම නඩු විභාගය සිදුවිය.

මෙහි විත්තිකරුවන් වන එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ඇතුළු 12 දෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මොවුන්ට නගා ඇති චෝදනා වන්නේ, 2011 ඔක්තෝබර් මස 08 වන දා අංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ වී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, රාජු උරුගේ ගාමිණි නැමැත්තා ඝාතනයට තැත් කිරීම එදින ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි පිරිස ගිනි අවි පෙන්වා සාපරාධි ලෙස බිය ගැන්වීම ,නීති විරෝධී රැස්වීමකට සම්බන්ධවීම ය.

අදාළ සියලු චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණය හමුවේ කියා සිටියහ.

මේ අතර අධිකරණ කටයුතු ආරම්භවීමට පෙර මෙහි විත්තිකරුවෙකු වී සිටි ජානක බන්ඩාර ගලබොඩ නැමැත්තාගේ අතුරුදන්වීම පිළිබඳ ඔහුගේ බිරිඳ හා සොහොයුරා අද අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.

ප්‍රියන්ත ජානක සුදුපැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බවත් එදා පටන් මේ දක්වා ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවත් ඔවුන් සාක්ෂි දෙමින් පැවසී ය.

පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, ජනක බණ්ඩාර ගලගොඩගේ අතුරුදන්වීම පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් පොලීසියට පැමිණිලි කර ඇති බව ය.

මෙම නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට සෑම සතියකම දින 3 බැගින් සිදුකිරීමට අධිකරණය අද තීරණය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]