භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ සැකකරුවෙකු සතුව තිබූ ජංගම දුරකතන 2ක් සිරමැදිරියේදී සොයා ගැනේ(VIDEO)

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ සැකකරුවෙකු සතුව තිබූ ජංගම දුරකතන 2ක් සිරමැදිරියේදී සොයා ගැනේ(VIDEO)

කර්තෘ Staff writer

06 Aug, 2015 | 9:01 pm

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තුන්වන විත්තිකරුවෙකු වන චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නමැත්තා රඳවා සිටි සිරමැදිරියේ තිබී ජංගම දුරකතන දෙකක් බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, බන්ධනාගාර බුද්ධි අංශය මෙම ජංගම දුරකථන අවස්ථා දෙකකදී සොයාගත් බව ය.

වැලිකඩ බන්ධානාගර බුද්ධි අංශ පසුගිය 3 සහ හතර යන දින දෙකේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

රවී කරුණානායක මහතාගේ අධාරකරුවන් පිරිසකට බ්ලූමැන්ඩල්හිදී වෙඩි තැබීමේ සිද්ධිය හා මෙම සැකකරු අතර සබඳතාවක් ඇත්දැයි විමර්ශන සිදුවන බව ද අධිකරණ ඇමතිවරයා පැවසී ය.

මේ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළව පැවති ඇප කොන්දේසි උල්ලංඝනය කළ බවට වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටි චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නමැත්තා අද යළි අධිකරණයට ඉදිරිපත් කළේ ය.

එහිදී සැකකරු සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]