පෞද්ගලික ආරවුල මරණයකින් කෙළවර වෙයි

පෞද්ගලික ආරවුල මරණයකින් කෙළවර වෙයි

පෞද්ගලික ආරවුල මරණයකින් කෙළවර වෙයි

කර්තෘ Staff writer

06 Aug, 2015 | 12:12 pm

ගාල්ල, හබරාදූව ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ පිහි ඇනුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ වදුරඹ , හබරාදූවවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එම ඝාතනය සිදුව ඇති බව ය.

සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]