ඩිලාන් පෙරේරාගේ වස බෝතල් පහට අගමැතිවරයාගෙන් ප්‍රතිචාර (VIDEO)

ඩිලාන් පෙරේරාගේ වස බෝතල් පහට අගමැතිවරයාගෙන් ප්‍රතිචාර (VIDEO)

කර්තෘ Staff writer

06 Aug, 2015 | 7:28 pm

බ්ලූමැන්ඩල් වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කිරුළපන පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමේදී අදහස් පළ කළේ ය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, නීතිය කැඩීමට කිසිවෙකුටත් ඉඩ නොතබන ලෙස ය.

එමෙන්ම එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වස බෝතල් කිහිපයක් රැගෙන පැවැත්වූ මාධ්‍ය හමුවේදි කළ චෝදනාවලට ද වික්‍රමසිංහ මහතා මෙහිදී පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

[quote]දැන් බන්දුල ගුණවර්ධනයි ඩිලාන් පෙ‍රේරායි කියලා තියෙනවා, මේ වස කුප්පු 4 ක් තියෙනවා බොන්න කියලා අපිට ඡන්දෙන් පස්සේ. මම දන්නේ නැහැ මොනවාටද බොන්නේ කියලා. මහ බැංකුවේ ගෙනල්ලා තිබුණාලු වංචාවක්.මං පළමුවෙන්ම අමාත්‍යාංශයේ නීතිඥයින්ගෙන් කොමිටියක් පත් කළා. ඒ කොමිටිය වාර්තා කළා මහ බැංකුවේ අධිපතිට විරුද්ධව චෝදනා නැහැ. අපේ පැත්තෙන් කාටවත්, එය වසකුප්පි අරගන්න සිදුවෙයි කියලා මං හිතන්නේ නැහැ. අපිට උවමනාවක් නැහැ, අන්තිමට ඔය වසකුප්පි අරගන්න සිදු වෙන්නේ ඒ කිව්ව අයට. එත් මම එකක් කියනවා මම ඒගොල්ලන්ට බල කරන්නේ නැහැ වස බීලා දිවි නසා ගන්න කියලා[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]