උඩරට මාර්ගයේ දුම්රිය පීලිපැනීම හේතුවෙන් අඩාල වූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය පීලිපැනීම හේතුවෙන් අඩාල වූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය පීලිපැනීම හේතුවෙන් අඩාල වූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කර්තෘ Sakila Udayakumara

05 Aug, 2015 | 1:06 pm

උඩරට මාර්ගයේ වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් අඩාල වූ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ.

දුම්රිය ධාවන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා පැවසුවේ, එහි පීලිගත කිරීම් අද උදෑසන වන විට සිදු කිරීමට හැකි වූ බව ය.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කළ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම අද අලුයම 3.45ට පමණ පීලිපැනීමකට ලක් වුණේ, වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී ය.

අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරමින් තිබූ දුම්රිය ද වටවල දුම්රිය ස්ථානයේ බොහෝ වේලාවක් නවතා තැබීමට සිදු වූ බව ය.

මේ අතර ඊයේ දිනයේදීත් වටගොඩදී දුම්රියක් පිලිපැනීමකට ලක් වීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]