ඉන්දියාවේ දුම්රිය 2ක් පීලි පැනීමෙන් මැදිරි කිහිපයක් ගංගාවකට ඇදවැටෙයි

ඉන්දියාවේ දුම්රිය 2ක් පීලි පැනීමෙන් මැදිරි කිහිපයක් ගංගාවකට ඇදවැටෙයි

ඉන්දියාවේ දුම්රිය 2ක් පීලි පැනීමෙන් මැදිරි කිහිපයක් ගංගාවකට ඇදවැටෙයි

කර්තෘ Sakila Udayakumara

05 Aug, 2015 | 7:01 am

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ හර්දා ප්‍රදේශයේදී මගී දුම්රිය දෙකක් පීලි පැන තිබේ.

එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කරන්නේ, මේ වන විට මළ සිරුරු 4ක් සොයා ගෙන ඇතැයි ප්‍රදේශවාසීන් පැවසුව ද එය බලධාරීන් තහවුරු කර නොමැති බව ය.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ හර්දා ප්‍රදේශයේ පාලමක් අසලදී එම දුම්රිය අනතුර සිදුවී තිබේ.

පීලි පැන ඇත්තේ, මුම්බායි සහ වාරණාසි අතර ධාවනය වන කමයානි ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 10ක් හා ජාබල්පූර් සහ මුම්බායි අතර ධාවනය වන ජනතා ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 5කි.

ඉන් දුම්රිය මැදිරි කිහිපයක් ගඟට ඇදවැටී තිබේ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, දුම්රිය දෙකේ ම සිටි මගීන්ගෙන් 300දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බව ය.

පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාවත් සමග පාලමට හානි සිදුව තිබීම අනතුරට හේතුවන්නට ඇතැයි සැක කරයි.

අධික වර්ෂාව හේතුවෙන් අසල මාර්ග සියල්ලක්ම පාහේ ජලයෙන් යටව තිබීම හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම් මන්දගාමී වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.

කෙසේ වෙතත් විශේෂ දුම්රිය තුනකින් වෛද්‍යවරුන් සහ සහන සේවකයින් අදාළ ස්ථානයට ගෙන්වා ගෙන තිබේ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, මේ දුම්රිය අනතුරත් සමග මුම්බායි, උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ් සහ පන්ජාබ් අතර දුම්රිය ධාවනය ඇණහිට ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]