2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ඇරඹේ

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ඇරඹේ

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ඇරඹේ

කර්තෘ Staff writer

04 Aug, 2015 | 6:40 am

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ, මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 309,069 දෙනෙකු පෙනී සිටින බව ය.

ඉන් 236,072 කු පාසල් අයදුම්කරුවන් වන අතර 72,997 කු පෞද්ගලික අයදුම්කරුවන් වෙති.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ, කල් වේලා ඇතිව සිය විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස ය.

ප්‍රශ්ණ පත්‍රවලට පිළිතුරු සැපයීමේදී ඒඳහා ලබාදී ඇති උපදෙස් හොඳින් කියවීම අතිශයින්ම වැදගත් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

මේ අතර විභාග මධ්‍යස්ථානවලට ජංගම දුරකථන රැගෙන ඒම හා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් බව ද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසී ය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ, විභාග මධ්‍යස්ථාන තුළ හෝ ඉන් පිටත සිදුවන විභාග වංචා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව හෝ පොලීසිය දැනුවත් කරන ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]