අ.පො.ස. උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම් – විභාග දෙපාර්තමේන්තුව

අ.පො.ස. උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම් – විභාග දෙපාර්තමේන්තුව

අ.පො.ස. උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම් – විභාග දෙපාර්තමේන්තුව

කර්තෘ Staff writer

03 Aug, 2015 | 6:22 am

හෙට ආරම්භ වන මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ, මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 309,069 දෙනෙකු පෙනී සිටින අතර ඉන් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 236,072 ක් බව ය.

පෞද්ගලික අයදුම්කරුවන් 72,997 ක් මෙවර විභාගයට පෙනී සිටීම සඳහා ඉල්ලුම් කර තිබේ.

විභාග රාජකාරී සඳහා 22,000 ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2180ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 303ක් ස්ථාපිත කර ඇත.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]