විදුහල්පතිවරයා උසස් පෙළ විභාග ප්‍රවේශපත්‍රය ලබා නොදුන් නිසා ශිෂ්‍යාවක් සියදිවි හානිකර ගනී

විදුහල්පතිවරයා උසස් පෙළ විභාග ප්‍රවේශපත්‍රය ලබා නොදුන් නිසා ශිෂ්‍යාවක් සියදිවි හානිකර ගනී

විදුහල්පතිවරයා උසස් පෙළ විභාග ප්‍රවේශපත්‍රය ලබා නොදුන් නිසා ශිෂ්‍යාවක් සියදිවි හානිකර ගනී

කර්තෘ Staff writer

07 Aug, 2015 | 5:03 pm

විදුහල්පතිවරයා උසස් පෙළ විභාග ප්‍රවේශපත්‍රය ලබා නොදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන සිත් තැවුලට පත් වවුනියාව , පණ්ඩාරකුලම් ප්‍රදේශයේ විදුහලක ශිෂ්‍යාවක් සියදිවි හානිකර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන තුරු අදාළ විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇති බව ය.

2015 ජුලි 06 වන දා විභාග දෙපාර්තමේන්තුව අදාළ ප්‍රවේශපත්‍ර එම පාසලට යවා තිබූ අතර එම ප්‍රවේශපත්‍ර ලැබුණු විගස අපේක්ෂකයන්ට ලබාදෙන ලෙසට උපදෙස් ලිපි කිහිපයක් විදුහල්පතිට යවා තිබූ බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

එලෙස දැනුවත් කර තිබියදීත් 2015 අගෝස්තු 06 වන දා දක්වා අදාළ විභාග ප්‍රවේශපත්‍රය එම විදුහල්පතිවරයා ළග තබාගෙන සිටි බවට වාර්තා වී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.