ශ්‍රී ලංකාව පරාජය කළ පකිස්ථානයට පහසු ජයක්

ශ්‍රී ලංකාව පරාජය කළ පකිස්ථානයට පහසු ජයක්

ශ්‍රී ලංකාව පරාජය කළ පකිස්ථානයට පහසු ජයක්

කර්තෘ Chathuranga Rajapaksha

30 Jul, 2015 | 10:32 pm

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දු වාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් පකිස්ථානයට ලකුණු 29ක පහසු ජයක් හිමිවිය.

ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය තරග 1ට 0ක් ලෙස පකිස්ථානය හේ වනවිට ඉදිරියෙන් සිටී.

කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන නායක ශහීඩ් අෆ්රිඩි තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේය.

උමාර් අක්මාල් සහ ශොයිබ් මලීක් අතර පාකිස්ථාන සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 81කි.

අහමඩ් ශේෂාඩ්, ශොයිබ් මලීක් සහ උමාර් අක්මාල් ලකුණු 46 බැගින් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි.

ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 4ක් පමණි.

ටී.එම් ඩිල්ෂාන් ලකුණු 6කට පිටියෙන් ඉවත් වූ අතර කිතුරුවන් විතානගේ එක් ලකුණකට දැවී ගියේ.

චාමර කපුගෙදර නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේය.