නිවී ගිය, ආසියාවේ නැණ පහන අවසන් ගමන් යයි (PHOTOS)

නිවී ගිය, ආසියාවේ නැණ පහන අවසන් ගමන් යයි (PHOTOS)

නිවී ගිය, ආසියාවේ නැණ පහන අවසන් ගමන් යයි (PHOTOS)

කර්තෘ Staff writer

30 Jul, 2015 | 12:51 pm

අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එරට වේලාවෙන් අද පෙරවරු 11ට ඉන්දියාවේ රාමේෂ්වරම්හිදී රාජ්‍ය ගෞරව සහිත සිදු කෙරිණ.

‘ජනතාවගේ ජනපති’ ට සිය අවසන් ගෞරවය දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාව මග දෙපස එක් එක්රැස් වූහ.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඇතුළු ප්‍රභූ පිරිස ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ දේහයට සිය අවසන් ගෞරවය දැක්වීමට එක් වී සිටියහ.

ජීවත්ව සිටියදී ඔහු උපයාගත් ධනය නම් සිට රටෙ ත් ජාත්‍යන්තරයෙත් ජනාදරයයි.

හිටපු ඉන්දීය ජනාධිපතිවරයාගේ දේහය ‍ඊයේ ඔහුගේ උපන් බිම වන රාමේෂ්වරම් වෙත ගෙන ආවේ ය.

දහස් සංඛ්‍යාත පාසල් දරුවන්, ස්වේච්ඡා නිලධාරීන් ඇතුළු ජනතාව ඊයේ දිනයේදී ද ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලදී අබ්දුල් කලාම් මහතා සිහිකර ආගමික වතාවත්වල නිරත වූහ.

පසුගිය දා පස්වරුවේ ඉන්දියාවේ ශිලොන්ග්හි කළමනාකරණය පිළිබඳ ඉන්දීය ආයතනයේ සිසුන් පිරිසකට දේශනයක් පවත්වන අතරතුර හදිසියේ ඇද වැටුණු අබ්දුල් කලාම් මහතා රෝහල්ගත කිරීමෙන් පසු මියගියේ ය.

වෛද්‍යවරුන් පැවසුවේ, හිටපු ඉන්දීය ජනාධිපතිවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව ය.

ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයා වශයෙන් සැලකෙන අබ්දුල් කලාම් මහතා මියයන විට 83වැනි වියේ පසුවිණ.

ඔහු සැලකෙන්නේ මිනිසුන්ගේ ජනාධිපතිවරයා ලෙස ය.

ඉන්දියාවේ මිසයිල මිනිසා, භාරත් රත්න, අද්විතීය විද්‍යාඥයා යනු ඔහු හැඳින්වීමට යොදාගත් තවත් නාම කිහිපයකි.

2002 වසරේ සිට 2007 වසර දක්වා ඔහු ඉන්දීය ජනාධිපති ධුරයේ කටයුතු කළේ ය.

1931 දි තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවර පවුලක උපත ලබා, දුක්ගැහැට මැද අධ්‍යාපනය ලැබු ඔහු ඉන්දියාවට න්‍යෂ්ඨික ශක්තිය හා අභ්‍යවකාශ චන්ද්‍රිකා තාක්ෂණය හඳුන්වා දීමට පුරෝගාමි විය.

ඒ වෙනුවෙන් එරට සිවිල් පුද්ගලයෙකුට පිරිනමන උසස්ම සම්මානය වන භාරත් රත්න සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේ ය.

1

 

CLI_cdMUcAEmBkX4

 

CLJB0MOVEAA-lrV