ලොව ම මවිත කරමින් අතුරුදන්වූ MH370 යානයේ බවට සැක කරන කොටසක් රීයුනියන් දිවයිනෙන් හමුවෙයි

ලොව ම මවිත කරමින් අතුරුදන්වූ MH370 යානයේ බවට සැක කරන කොටසක් රීයුනියන් දිවයිනෙන් හමුවෙයි

ලොව ම මවිත කරමින් අතුරුදන්වූ MH370 යානයේ බවට සැක කරන කොටසක් රීයුනියන් දිවයිනෙන් හමුවෙයි

කර්තෘ Staff writer

30 Jul, 2015 | 11:42 am

ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් දිවයිනක් වන රීයුනියන් දිවයින ආශ්‍රිත වෙරළතීරයෙන් සොයා ගැණුනු ගුවන් යානා සුන්බුන් අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේදැයි සොයා විමර්ශන ආරම්භකර තිබේ.

මලයාසියානු ගුවන් සේවයට අයත් MH370 දරන බෝයින් 777 ගුවන් යානය පුද්ගලයින් 239දෙනෙකු සමග අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු මාසයේදී ය.

මේ දක්වා එම යානය පිළිබඳව කිසිඳු තොරතුරක් හෝ එහි සුන්බුන් කොටස් හමුවී නොතිබිණ.

රියුනියන් දිවයින ආශ්‍රිතව හමුවූ ගුවන් යානා සුන්බුන්වල ඡායාරූප නිරීක්ෂණය කළ ගුවන් විශේෂඥයින් සඳහන් කර ඇත්තේ, එහි පිටත හැඩය බෝයින් 777 ගුවන් යානයක පියාපතක කොටසකට සමාන වන බව ය.

එහෙත් මෙම සුන්බුන් අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ ඒවාදැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව ප්‍රංශ ගුවන් බලධාරීන් පවසා තිබේ.

මේ පිළිබඳව විමර්ශනය සඳහා මලයාසියාව ද විමර්ශන කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා තිබේ.

රීයුනියන් දිවයින පිහිටා ඇත්තේ මැඩගස්කරයට කිලෝමීටර 6000ක් පමණ බටහිරිනි.

ක්වාලාලාම්පූර් සිට චීනයේ බෙයිජිං බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ MH370 ගුවන් යානයට සිදුවූයේ කුමක්දැයි තවමත් අභිරහසක් බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

MH3701-348x196

_84554072_028366847-1

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]