BREAKING: සජිත් ප්‍රේමදාසට එරෙහි පෙත්සමෙන් සජිත් ප්‍රේමදාස නිදහස්

BREAKING: සජිත් ප්‍රේමදාසට එරෙහි පෙත්සමෙන් සජිත් ප්‍රේමදාස නිදහස්

BREAKING: සජිත් ප්‍රේමදාසට එරෙහි පෙත්සමෙන් සජිත් ප්‍රේමදාස නිදහස්

කර්තෘ Sagarika Chathumali

29 Jul, 2015 | 5:30 pm

දිවි නැගුම අරමුදල් අක්‍රමවත්ව භාවිත කරන බවට චෝදනා කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විෂයය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස සලකා ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළේ ය.

මෙම පෙත්සම ගොනුකර තිබුණේ, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය, එහි සභාපතිවරයා සහ ලේකම්වරයා ය.

අදාළ අරමුදල් භාවිත කරමින් ණය ලබා දීම අත්හිටුවන ලෙස පෙත්සමින් ඉල්ලා සිටි අතුරු නියෝගය ලබාදීම ද අධිකරණය අද ප්‍රති‍ක්ෂේප කළේ ය.

‍පෙත්සම සළකා බැලුණේ, අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප් හා උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.

කෙසේවෙතත්, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් දෙදෙනාට එරෙහිව පමණක් පෙත්සම පවත්වාගෙන යාමට අධිකරණය අද අවසර දුන්නේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]