මැතිවරණ නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් 190 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් 190 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් 190 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

29 Jul, 2015 | 12:30 pm

මැතිවරණ නිතී උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පැමිණිලි 80 ක් ලැබී ඇති බව ය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සඳහා අද තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ය.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඉදිරි මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති එක් කෝටි පනස් ලක්ෂ හතලිස් හතර දහස් හාරසිය අනූ එකක් සඳහා එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරින බව ය.

ලබන මස 10 වන දා තෙක් එම බෙදා හැරීම් සිදු කෙරෙනු ඇති.

මේ අතර දේශපාලන පක්ෂ ලෙක්ම්වරුන් හා මැතිවරණ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

ඒ, නිදහස් හා සාධාරණය මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ලබාදී ඇති නියෝගවලට අනුව කටයුතු කිරීමේදී මතුවන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ය.

මෙහි දී මහමැතිවරණයට ඉදිරිපත්වන ඇතැම් පක්ෂවල අපේක්ෂකයින්ගේ නීති විරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමුව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]