නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම තහනම් කරමින් පැන වූ නියෝගය යළි දීර්ඝ කෙරේ (VIDEO)

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම තහනම් කරමින් පැන වූ නියෝගය යළි දීර්ඝ කෙරේ (VIDEO)

කර්තෘ Sagarika Chathumali

29 Jul, 2015 | 9:17 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියක් නොමැතිව රැස්වීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය දුන් වාරණ නියෝගය අද අගෝස්තු 7 වැන දා දක්වා යළි දීර්ඝ කළේ ය.

කොළඹ අතිරේක දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා මෙම නියෝගය දීර්ඝ කළේ, නීතීඥ ටී. වේරගොඩ මහතා සිදු කළ ඉල්ලීමකට අනුව ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජීකයෙකු වන ප්‍රසන්න සෝලංගආරච්චි මහතා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය පසුගිය 15 වන දා මෙම නියෝගය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]