තුර්කියේ සරණාගත දරුවෙකුට අත් වූ ඉරණම

තුර්කියේ සරණාගත දරුවෙකුට අත් වූ ඉරණම

තුර්කියේ සරණාගත දරුවෙකුට අත් වූ ඉරණම

කර්තෘ Staff writer

29 Jul, 2015 | 12:12 pm

සිරියානු සරණාගත ළමයෙකු තුර්කියාවේදී අමානුෂික ලෙස ප්‍රහාරයට ලක්වන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ මේ දිනවල දැඩි කතා බහට ලක් වී තිබේ.

එම ඡායාරූප පෙළෙන් එක් ඡායාරූපයක දැක්වෙන්නේ එම දරුවා පහර කෑමනේ පසු අඬමින් සිටින ආකාරයයි.

එමෙන්ම ඔහුගේ නාසයෙන් රුධිරය ගලා යන අයුරු ද එම ඡායාරූපයේ දැක්වෙන්නේ සැමගේ සිත් සසල කරමිනුයි.

අහමඩ් හම්ඩෝ නම් එම පිරිමි ළමයා තුර්කියේ ඉස්මිර් නම් නගරයේ මාර්ගයක මුහුණු පිස්නා (tissues) විකුණමින් තම ජීවිතය ගොඩ නැගීමට උත්සහ කරන්නේ දෙමාපියන්ගේ රැකවරණය, ආදරය ලැබිය යුතු කාලයේදී ඔහුට සරණාගතයෙකු ලෙස සමාජයේ ජීවත් වීමට සිදුව ඇති නිසාවෙනි.

කෙසේ වෙතත් ඉස්මිර් නගරයේ අවන්හලකට පැමිණි කාන්තාවකට මුහුණු පිස්නා පැකැට්ටුවන් විකිණීමට තැත් කිරීමේදී එම අවන්හලේ කළමණාකරු පැමිණ අහමඩ්ට ප්‍රහාර එල්ල කර තිබේ.

එම අවස්ථාවේ සිටි පිරිස ඔහුව බේරා ගෙන ඇති අතර එම අවස්ථාවේ ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ අසරණ දරුවන්ට මෙලෙස දරුණු ලෙස සැලකීම හෙළා දකිමිනුයි.

84551cd0-2c9c-4b2f-8b82-fa2d3a67b116_16x9_600x338

133603_story__2