ජාතික රෝහලේ විකිරණ ශිල්පින් ඇතුළු වෘත්තීන් 14ක් වැඩ වර්ජනයක (VIDEO)

ජාතික රෝහලේ විකිරණ ශිල්පින් ඇතුළු වෘත්තීන් 14ක් වැඩ වර්ජනයක (VIDEO)

කර්තෘ Staff writer

29 Jul, 2015 | 8:36 am

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තින් රැසක සාමාජිකයින් අද වැඩ වර්ජනයක යෙදීමට තීරණය කර තිබේ.

උදෑසන 8 සිට ජාතික රෝහලේ එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය පර්යේෂණාගාර, තාක්ෂණ, විද්‍යා, ඖෂධවේදි, විකිරණශිල්පි, භෞත චිකිස්සක යන වෘත්තින් 14 ක් මීට එක්වන බව හෙද, පරිපුරක ,අතුරුවෛද්‍ය වෘත්තිය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

අප මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩි.එම්.ඩි දිසානායක මහතාගෙන් විමසූ විට කියා සිටියේ එම වෘත්තීන්ට බලපාන ගැටළු විසදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ය.

 

ජාතික රෝහලේ විකිරණ ශිල්පින් ඇතුළු වෘත්තීන් 14ක් වැඩ වර්ජනයකRead story: http://wp.me/p5qkT7-gjI

Posted by Newsfirst.lk on Wednesday, July 29, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]