උසස් පෙළ සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව ලංකා ගුරු සේවා සංගමයෙන් චෝදනා

උසස් පෙළ සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව ලංකා ගුරු සේවා සංගමයෙන් චෝදනා

උසස් පෙළ සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව ලංකා ගුරු සේවා සංගමයෙන් චෝදනා

කර්තෘ Staff writer

29 Jul, 2015 | 6:57 am

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් කිරීමට අදාළව විභාග කොමසාරිස් ජනරාල්වරයා ගෙන ඇති ක්‍රියා මාර්ගය සිසුන්ගේ මූලික අයිතිය කඩවීමක් බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, මේ පිළිබඳ අධාපන අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව ය.

2015 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා නිවේදනය කළේ, සැප්තැම්බර් මස 08 වන දා දක්වා එම තහනම බලපැවැත්වෙන බව ය.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විරෝධය පළ කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව ගෙන ඇති මේ තීරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතාගෙන් අප කළ විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, එය ගැසට් නිවේදනයක් මගින් මීට පෙර සිට ක්‍රියාවට නංවා ඇති බව ය.

ඒ හේතුවෙන් අදාළ ක්‍රියාමාර්ග වෙනස් කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]