
අබ්දුල් කලාම්ගේ අවමංගල්‍ය උත්සවයට නොයන බව ජයලලිතා ජයරාම් පවසයි
අබ්දුල් කලාම්ගේ අවමංගල්‍ය උත්සවයට නොයන බව ජයලලිතා ජයරාම් පවසයි
කර්තෘ Sagarika Chathumali
තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය හිටපු ජාධිපති අබ්දුල් කලාම් මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන බව දැනුම් දී තිබේ.
ප්‍රකාශයක් නිකුත් කරමින් මහ ඇමතිනිය පවසන්නේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තමන්ට හිටපු ජානාධිපතිවරයාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ය.
එහෙත් තමන් නියෝජනය කරමින් ප්‍රාන්ත කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රාමේෂ්වරම් වෙත පිටත් කර හරින බව ද ඇය ඉන්දීය මාධ්‍යට පවසා තිබේ.
ඒ අනුව ඕ. පනිර්සෙල්වම්, නාදම් ආර්. විස්වනාදන් (විදුලිබල), ආර්. වයිතිලින්ගම් (නිවාස), එඩප්පඩි කේ. පලන්සිවමි(මහා මාර්ග), පී.පලනියප්පන්(උසස් අධ්‍යාපන), එස්. සෞන්දරාජ්(තරුණ ශුභසාධන), සහ ආර්.බී. උදයකුමාර් (ක්‍රීඩා) යන අමාත්‍යවරුන් මහ ඇමතිනිය සහ තමිල්නාඩු ආණ්ඩුව නියෝජනය කරමින් හිටපු ජනාධිපතිවරයාගේ අවංගල්‍ය උත්සවය සඳහා සහභාගී වනු ඇති.
මේ අතර තමන් තුළ අබ්දුල් කලාම් ජනාධිපතිවරයා කෙරෙහි මහත් වූ ආදරයක් මෙන් ම ගෞරවයක් ඇති බව ත් පවසන තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය නිවේදනය කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයාට ගෞරව දැක්වීම සඳහා හෙට දිනය ප්‍රාන්ත රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ය.
කෙසේ වෙතත් මීට පෙර ආචාර්ය අබ්දුල් කලාම් මහතා පවසා තිබුණේ, යම් දිනක තමන්ගේ අභාවය වෙනුවෙන් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් නොකර එදිනට දින දෙකක වැඩ කිරීම තමන්ට දක්වන උපරිම ගෞරවයක් බව ය.
පසුගිය 27 වන දා අභාවප්‍රාප්ත වූ හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව රාමේෂ්වරම්හිදී සිදු කෙරෙනු ඇති.
ශිලොන්ග්හි කළමනාකරණය පිළිබඳ ඉන්දීය ආයතනයේ සිසු පිරිසකට දේශනයක් පවත්වමින් සිටි අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ඇද වැටුණු හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය.
ඉන්දියාවේ මිසයිල මිනිසා, භාරත් රත්න, අද්විතීය විද්‍යාඥයා යන අන්වර්ථ නාම කිහිපයකින් ලොව පුරා ප්‍රකට අබ්දුල් කලාම් මහතා ජීවිතයෙන් සමු ගන්නා විට 83 වන වියේ පසු විය.
- මානව හිමිකම් කොමසාරිස්වරිගේ වාර්තාවට ලක් රජයේ ප්‍රතිචාරය අද පස්වරුවේ..
- ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..
- එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට තරග 2-0ක දරුණු පරාජයක්..
- ඉන්දීය ධීවරයින් මෙරටට ඇතුළුවීම නවත්වන්නේ කෙසේද? – නිර්දේශ දෙන්න ත්‍රිපුද්ගල කමිටුවක්
- තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබයි
- සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි
- කොරෝනා පැරදූ නවසීලන්තයෙනුත් නව ආසාදිතයෙක්
- ඇවන්ගාඩ් නඩුව ලබන 01 වැනිදා කැඳවීමට නියෝග
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයක සේවා තාවකාලිකව නවතී
- පාඨලී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගනී