අබ්දුල් කලාම්ගේ අභාවය වෙනුවෙන් ජනපති සිය ශෝකය සටහන් කරයි

අබ්දුල් කලාම්ගේ අභාවය වෙනුවෙන් ජනපති සිය ශෝකය සටහන් කරයි

අබ්දුල් කලාම්ගේ අභාවය වෙනුවෙන් ජනපති සිය ශෝකය සටහන් කරයි

කර්තෘ Sakila Udayakumara

29 Jul, 2015 | 4:45 pm

හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝකය පළ කළේ ය.

අද දහවල් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයේ සිය ශෝක පණිවුඩය සටහන් කරමින් ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා වෙත සිය බලවත් කණගාටුව ප්‍රකාශ කළේ ය.

මේ අතර ජනාධිපතිවරයා විසින් ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ අභාවය වෙනුවෙන් නිකුත් කරනු ලැබූ විශේෂ ශෝක පණිවුඩය ආචාර්ය ප්‍රනාබ් මුඛර්ජි මහතා වෙත භාර දීම සඳහා අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අද දහවල් ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]