පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවූ රජපිහිල්ලේ රිය අනතුර

පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවූ රජපිහිල්ලේ රිය අනතුර

කර්තෘ Sagarika Chathumali

27 Jul, 2015 | 10:47 am

කුරුණෑගල – මහනුවර මාර්ගයේ රජපිහිල්ල හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවූ රජපිහිල්ලේ රිය අනතුර

Posted by Newsfirst.lk on Sunday, July 26, 2015

පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අලුයම අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් කළ තිදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

ඔවුන්ගේ මෘත දේහ මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුර සම්බන්ධයෙන් සැකපිට කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]