අනවසර ලෙස ප්‍රදර්ශනය කර ඇති අපේක්ෂක දැන්වීම් ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්ගෙන් නියෝග

අනවසර ලෙස ප්‍රදර්ශනය කර ඇති අපේක්ෂක දැන්වීම් ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්ගෙන් නියෝග

අනවසර ලෙස ප්‍රදර්ශනය කර ඇති අපේක්ෂක දැන්වීම් ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්ගෙන් නියෝග

කර්තෘ Staff writer

22 Jul, 2015 | 7:21 am

මෙවර මහ මැතිවරණය සඳහා ඇස්මේන්තුගත වියදම රු.මි 3250 ක් පමණ වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එම කාර්යාලය පැවසුවේ, පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව වැඩි වියදමක් මෙවර මැතිවරණයේදී දැරීමට සිදුවන බව ය.

ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වීම හේතුවෙන් ඊට වැඩි වියදමක් දැරීමට සිදු වේ.

පෝස්ටර්, බැනර්, කටවුට් සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරී සඳහා, වියදම් ලෙස රු.මි 475 ක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

මේ අතර මහමැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සිය කටවුට්, දැන්වීම්, ඡායාරූප අනවසරයෙන් ප්‍රදර්ශනය කළ ඇත්නම් ඒවා ඉවත් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා චක්‍ර ලේඛයක් මගින් දැනුම් දුන් බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසී ය.

ඔහු පැවසුවේ, අපේක්ෂකයින්ගේ කාර්යාලවල පමණක් ඒවා ප්‍රදර්ශනය කරන ලෙසට සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]