වසර 50කට පසු කියුබාව සහ අමෙරිකාව අතර තානාපති කාර්යාල ස්ථාපිත කෙරේ

වසර 50කට පසු කියුබාව සහ අමෙරිකාව අතර තානාපති කාර්යාල ස්ථාපිත කෙරේ

වසර 50කට පසු කියුබාව සහ අමෙරිකාව අතර තානාපති කාර්යාල ස්ථාපිත කෙරේ

කර්තෘ Sakila Udayakumara

21 Jul, 2015 | 6:47 am

වසර 50කට පසු කියුබාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තානාපති කාර්යාල ස්ථාපිත කර තිබේ.

වොෂින්ටන් නුවර අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල තුළ කියුබානු ජාතික ධජය එසැවීම මෙහිදී කැපී පෙනෙණු ලක්ෂණයක් බව විදෙස් වාර්තාවල සඳහන් ය.

පසුගිය වසරේ අමෙරිකාව සහ කියුබාව අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කෙරිණි.

මෙම තානාපති කාර්යාලය දෙරට අතර ඓතිහාසික වෙනසක් ඇති කළ ද කියුබාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන අමෙරිකානුවන්ට තවමත් සීමා පනවා ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඊට අමතරව අමෙරිකාවේ වෙළෙඳ භාණ්ඩ කියුබාවට යැවීම සඳහා එරට රජය පනවා තිබූ සීමාවන් ද තවමත් ඉවත් කර නොමැත.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, වෙළෙඳ සම්බාධක ඉවත් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගෙන් කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ ඉල්ලීමක් කර ඇති අතර ඊට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි විය යුතු බව ය.