මීටියාගොඩ සමූහ දූෂණයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

මීටියාගොඩ සමූහ දූෂණයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

කර්තෘ Staff writer

21 Jul, 2015 | 10:31 pm

මීටියාගොඩ, පොල්හුන්නාවේ පදිංචි 15 හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරන තිදෙනා ලබන 30 වන දා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් ආර්. ජයසූරිය මෙනෙවිය අද නියෝග කළා ය.

ඒ, සැකකරුවන් අද පෙරවරුවේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

පසුගිය 14 වන දා මෙම දැරිය නිවෙසේ සිටියදී රැගෙන ගොස් තිබුණේ ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇතැයි කියන තරුණයෙකුගේ සහෝදරියකි.

පොලීසිය පවසන්නේ, ඇය මෙම දැරිය පළමුව මාතර ප්‍රදේශයට ගෙන ගොස් සමූහ වශයෙන් දූෂණය කරවීමට කටයුතු කර ඇති බව ය.

සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ රටින් පිටව යාමට උත්සාහ ගත් අවස්ථාවේ ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනාද අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර තිදෙනා ම ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනගාරගත කර තිබේ.