ඩිජිටල් පුවරු මගින් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කළ ලොරියක් සමග 2ක් අත්අඩංගුවට

ඩිජිටල් පුවරු මගින් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කළ ලොරියක් සමග 2ක් අත්අඩංගුවට

ඩිජිටල් පුවරු මගින් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කළ ලොරියක් සමග 2ක් අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

21 Jul, 2015 | 8:26 am

ඩිජිටල් පුවරු මගින් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ ලොරියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.

අදාළ ලොරිය ද පොලීසිය භාරයට ගෙන තිබේ.

මේ අතර මැතිවරණ කොමසාරිස්වරයා හා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර ඊයේ පස්වරුවේ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ප්‍රචාරක කටයුතුවලදි පිළිපැදිය යුතු කරුණු පිළිබඳව එහිදී මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කළ බව ය.

එමෙන් ම විශාල ප්‍රමාණයේ එල්.ඊ.ඩී. පුවරු ප්‍රදර්ශනය කිරීම පක්ෂ කාර්යාලවලට පමණක් සීමා කළ යුතු බව ද මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී තිබේ.