හිටපු ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනියි (VIDEO)

හිටපු ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනියි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

14 Jul, 2015 | 12:41 pm

එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගත්තේ ය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා හා අපේක්ෂකයින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.

අනතුරුව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් බැහැ දැකීමට ද මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ ය.

 

හිටපු ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනියි

Posted by Newsfirst.lk on Tuesday, July 14, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]