නීති විරෝධි මැතිවරණ ක්‍රියාවක් නම් මෙන්න, දුරකතන අංක

නීති විරෝධි මැතිවරණ ක්‍රියාවක් නම් මෙන්න, දුරකතන අංක

නීති විරෝධි මැතිවරණ ක්‍රියාවක් නම් මෙන්න, දුරකතන අංක

කර්තෘ Staff writer

14 Jul, 2015 | 5:10 pm

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් දැනුම් දීමට දුරකතන අංක 05 ක් හඳුන්වා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මැතිවරණය අවසන් වී සතියක් ගත වනතුරු පෙළපාළි, වාහන පෙළපාළි සහ ආගමික නොවන පෙරහැර පැවැත්වීම, අපේක්ෂකයා ගමන්ගන්නා වාහනයේ, කාර්යාලයේ හා රැස්වීම් භූමියේ හැර පොස්ටර්, කටවුට්, බැනර්, කොඩි ප්‍රදර්ශනය කිරීම, ගෙයින් ගෙට ගොස් ඡන්දය ඉල්ලීම වැනි සිදුවීම්වලට අදාළව පැමිණිලි දැනුම් දිය හැකි බව ය.

ඒ අනුව, 119 හදිසි ඇමතුම් අංකය, 0112 395 605, 0112 384 024, 0112 543 811 සහ 0112 387 999 යන දුරකතනවලට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලීසිය මහජනතාවට දැනුම් දි සිටී.