තරුණයින් 11ක් අතුරුදන් වීමට අදාළ නඩුවේ විමර්ශන සඳහා සහය දෙන්නැයි, නාවික හමුදාවට අධිකරණයෙන් නියෝග (VIDEO)

තරුණයින් 11ක් අතුරුදන් වීමට අදාළ නඩුවේ විමර්ශන සඳහා සහය දෙන්නැයි, නාවික හමුදාවට අධිකරණයෙන් නියෝග (VIDEO)

කර්තෘ Sagarika Chathumali

14 Jul, 2015 | 9:19 pm

පසුගිය රජය සමයේ කොළඹදී අතුරුදන් වූ තරුණයින් 11 දෙනෙකු සම්බන්ධයෙන් ලද තොරතුරුවලට අදාළ නඩු විභාගය අද යළි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නාවික හමුදාවට අද නියෝග කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට සහය දෙන ලෙස ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පෙත්සම්කාර පාර්ශවයේ වාචික දේශන පැවැත්වීම සඳහා අගෝස්තු 4 වැනිදාට නඩුව කල් තැබී ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]