එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන යෝජනා වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන යෝජනා වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන යෝජනා වෙයි

කර්තෘ Sakila Udayakumara

14 Jul, 2015 | 12:12 pm

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස බඳවා ගැනීම සඳහා එංගලන්තයේ අවධානය යොමුව තිබේ.

2014 වර්ෂයේදී 20යි 20 ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට දිනා ගැනීම සඳහා උරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු පෝල් ෆාර්බ්රේස් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ ඇන්ඩෘෘ ස්ට්‍රෝස්ගෙන් මහේල ජයවර්ධන එරට ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස එක් කර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් ඇන්ඩෘෘ ස්ට්‍රෝස් තවම ත් එය ස්ථිර කර නොමැත.

වසර 18ක් පුරා ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙන ඒමට මහේල ජයවර්ධන සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මහේල සිය කණ්ඩායම මනා ලෙස මෙහෙයවමින් 2007 ලෝක කුසලාන ක්‍රිකට්
තරගාවලියේ අවසාන තරගය දක්වා ශ්‍රී ලංකාව රැගෙන යාමට දායක විය.