අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළට

කර්තෘ Sagarika Chathumali

14 Jul, 2015 | 5:22 pm

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල රුපියල් 100 කින් පහත දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහත දැමෙන බව ය.

සමාගමේ දූෂණ වංචාවන් අනාවරණය කර ගැනීමෙන් පසු තව දුරටත් ගෑස් මිල පහත දැමිය හැකි වනු ඇති බව පසුගිය ජූනි 4 දා එම සමාගමේ දී පැවති මාධ්‍ය හමුවේ දී එහි විධායක සභාපති ශලීල මුණසිංහ මහතා පැවසී ය.

ඒ අනුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් අනුව අදාළ දූෂණ හෙළිකර ගැනීම ත් සමග ජනතාවට අදාළ සහනය ලබා දීමට හැකි වූ බව අදාළ නිවේදනයේ වැඩි දුරට ත් සඳහන් ය.

එහි දැක්වෙන්නේ, ඉදිරියේදී තව දුරටත් එවැනි දූෂණ වංචාවන් අනාවරණ කර ගැනීමට හැකි වුවහොත් එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]