බරැක් ඔබාමාගේ රථය තුළට එබී බලමු (PHOTOS)

බරැක් ඔබාමාගේ රථය තුළට එබී බලමු (PHOTOS)

බරැක් ඔබාමාගේ රථය තුළට එබී බලමු (PHOTOS)

කර්තෘ Sakila Udayakumara

07 Jul, 2015 | 11:49 am

අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා භාවිත කරන රථය සුවිශේෂී වූවක් බව අප කවුරුත් අසා තිබේ.

එම රථය වෙඩි නොවදින ඉතා ආරක්ෂාකාරී රථයක් බව අප අසා තිබුණ ද, ඒ පිළිබඳව හරියාකාර තොරතුරු අප අසා නොමැත.

Beast නමැති ඔබාමාගේ මෙම රථය තුළ පුද්ගලයින් 4 දෙනෙකුට ගමන් කළ හැකි අතර වීදුරු මගින් ආසන එකිනෙක වෙන්ව පවතියි.

පිටුපස ඇති වීදුරුව පහත් කළ හැක්කේ, ජනාධිපතිවරයාට පමණි.

මෙම රථයේ දොර අඟල් 8ක ඝනකමකින් යුක්ත වන අතර බෝයිං 757 මාදිලියේ ජෙට් ගුවන් යානයක දොරක බරට එම දොරෙහි බර සමාන ය.

රියැදුරුගේ වීදුරුව අඟල් 3ක් පමණ පහත් කළ හැකි සේ සකසා තිබේ.

මෙහි රියැදුරු අමෙරිකානු බුද්ධි අංශයෙන් පුහුණුව ලැබූවෙකු වන අතර යම් අනතුරකට ලක්වූ අවස්ථාවකදී වුව රථය ධාවනය කිරීමේ හැකියාව පවතියි.

අනතුරු සහගත ස්ථානයකින් අංශක 180කින් රථය හරවා පැන යාමේ හැකියාව ද මෙහි තිබේ.

නවීන තාක්ෂණික සන්නිවේදන පද්ධතියක් සහ G.P.S. පද්ධතියකින් සමන්විත ඩෑෂ් බෝඩ් එකක් තිබීම මෙහි ඇති තව ත් විශේෂත්වයකි.

අවම අඟල් 5ක පමණ ඝනකමෙන් යුත් වෙඩි නොවදින ලෝහවලින් මෙම රථය සකසා ඇති අතර ඊට ටයිටේනියම් සහ ද්විත්ව ඝනකම් ලෝහ ද යොදා තිබේ.

රාත්‍රී කාලයේ දර්ශන නැරඹීම සඳහා Night Vision කැමරාවක් මෙයට සවි කොට තිබේ.

මෙහි තෙල් ටැංකිය වෙඩි නොවදින ලෝහවලින් සකසා ඇති අතර ප්‍රහාරයක් එල්ල වූ විට පුපුරා නොයන අයුරින් නිම කර ඇත.

රථයේ පසුපස ඔක්සිජන් සහ ගිනි නිවීම් උපකරණවලින් සමන්විත ය.

පිටුපස ආසනය ජනාධිපතිවරයාගේ ආසනය වන අතර එය නවීනත ම චන්ද්‍රිකා දුරකතනයක් හා සම්බන්ධව තිබේ.

එම දුරකතනය සෘජුවම ධවල මන්දිරය හා සම්බන්ධ කර ඇත.

මෙම රථයේ ආරක්ෂාව මොනවට පැහැදිලි කරන තව ත් කාරණාවක් වන්නේ, ගිනි අවිවලින් සහ කඳුළු ගෑස් උණ්ඩවලින් ද මෙය සන්නද්ධ වීම ය.

හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයාගේ රුධිර බෑගයක් ද මෙම රථයේ තැන්පත් කර තිබේ.

විශේෂිතව සෑදූ ටයරයකින් රථය සමන්විත වන අතර එය ඝනකම් ලෝහ රිම් යොදා නිම කර තිබේ.

රෝදය පුපුරා ගිය ත් රථයට ඉන් කිසිදු හානියක් සිදු නොවේ.

obama's car