Facebook පිහිටෙන් වසර 15කට පෙර ස්වාමි පුරුෂයා විසින් පැහැර ගත් තම පුත්‍රයා සොයාගත් මවක්

Facebook පිහිටෙන් වසර 15කට පෙර ස්වාමි පුරුෂයා විසින් පැහැර ගත් තම පුත්‍රයා සොයාගත් මවක්

Facebook පිහිටෙන් වසර 15කට පෙර ස්වාමි පුරුෂයා විසින් පැහැර ගත් තම පුත්‍රයා සොයාගත් මවක්

කර්තෘ Staff writer

06 Jul, 2015 | 7:11 pm

අන්තර්ජාලය හරහා සමාජ වෙබ්ජාල භාවිතය වැඩි වීමත් සමග බොහෝ පිරිසකගේ මතය වූයේ සමාජ වෙබ් ජාලා හරහා වැරදි ක්‍රියාවන් පමණක් සිදුවන බව ය.

නමුත් මේ හරහා ඇතැම් පිරිසකගේ ජීවිත වෙනස් කරමින් හොඳ දේවල් වන්නේ සමාජ වෙබ් ජාලා භාවිතය නතර කිරීමට පියවර ගන්නා පිරිසට අභියෝගයකට ලක් කරමිනි.

සමාජ වෙබ් ජාලා අවභාවිතාව නිසා ඒ හරහා සිදුවන වැරදි ද අපමණ ය.

නමුත් සමාජ වෙබ් ජාලා නිසියාකාරව භාවිත කරන්නේ නම් එයින් ලබාගත හැකි ප්‍රයෝජන ද අපමණ ය.

අවුරුදු 15කට පෙර තම ස්වාමි පුරුෂයා විසින් පැහැර ගනු ලැබූ තම දෙවන පුතුණුවන් Facebook පිටුවේ පළ කළ කුඩා කළ ඡායාරූපයක් හේතුවෙන් ඔහුව සොයා ගැනීමට මවකට හැකි වී තිබේ.

2000 වසරේදී එම පුතුණුවන්ට අවුරුදු තුනේදී පියා විසින් එකළ කුඩා දරුවෙකු වූ ඔහුව පැහැර ගනු ලැබ තිබේ.

මේ වන විට ඔහු 18 හැවිරිදි පසුවන තරුණයෙකි.

තම මව හා සොහොයුරා සොයා ගැනීමේ අරමුණින් තමන්ගේ කුඩා කළ ගත් ඡායාරූපයක් ඔහු Facebook හරහා පළ කරයි.

මෙම ඡායාරූපය ගෙන ඇත්තේ ද පැහැර ගැනීමට ලක් වූ දරුවාගේ මව වීම විශේෂත්වයකි.

තම පුතුණුවන් දෙදෙනාගේ ඡායාරූපය දැක මව විමතියට පත් වී ඇති අතර Facebook පණිවිඩ හරහා තම පුතුණුවන්ව සම්බන්ධ කරගත් මව ඔහු සමග දුරකතනය ඔස්සේ ද කතා බහ කිරීමට ඉඩසැලසිනි.

කිසිදිනෙක තම පුතුණුවන් දැකීමට ඉඩ ලැබේයැයි කිසිදිනෙක නොසිතූ බව ඇය විදෙස් මාධ්‍යවෙත පවසා තිබේ.

තම උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු අවුරුදු 18 ක් වූ එම තරුණයා තම මව දැකීමට පැමිණෙන්නේ බිව් කිරිවල සුවඳ හඳුනා ගනිමිනි.

කෙතරම් උත්සහ කළත් මවක් සහ දරුවන් වෙන් කිරීමට ස්වභාව ධර්මයා පවා ඉඩ නොදෙනු ඇති බවට මෙය කදිම නිදසුනකි.

take mother reunit

 

823115_630x354