කුඩාකච්චකුඩිය කැළයේ නිධන් හෑරූ වව්නියාව දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති රිමාන්ඩ්

කුඩාකච්චකුඩිය කැළයේ නිධන් හෑරූ වව්නියාව දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති රිමාන්ඩ්

කුඩාකච්චකුඩිය කැළයේ නිධන් හෑරූ වව්නියාව දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති රිමාන්ඩ්

කර්තෘ Sakila Udayakumara

01 Jul, 2015 | 4:09 pm

අත්අඩංගුවට පත් වවුනියාව දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු ඇතුළු තවත් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ, වව්නියාව, කුඩාකච්චකුඩිය කැළයේ නිධන් හෑරීමට ගොස් සිටියදී ය.

පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබිණ.

පොලිස් මූලස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ, එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වව්නියාව ප්‍රදේශය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කර ඇති බව ය.