අධි ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

අධි ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

අධි ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

කර්තෘ Staff writer

01 Jul, 2015 | 7:08 am

අධි ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි.

දිවයිනේ වෙහෙර විහාරස්ථානවලදී සැදැහැවතුන් අද අලුයම සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ.

වෙසතුරු ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුර පසළොස්වක

සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කළකිරි මහාභිනිෂ්ක්‍රමණය කළේ ද ඇසළ පුන්පොහෝ දිනක බව බෞද්ධ පොත පතේ සඳහන්.

තමා අවබෝධ කරගත් පරම සත්‍යය ලෝක සත්වයාට දේශනා කර ඔවුන් සසරින් මුදා ගැනීමේ අරමුණින් බුදුරාජාණන් වහන්ගේ සිය මංගල ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව බරණැස ඉසිපතනයේදී පැවැත්වුවේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

එමෙන්ම කොණ්ඩඤ්ඤ හිමියන් ධර්මාවබෝධ කර ගැනීමෙන් පසුව සංඝ ශාසනයේ ආරම්භය සිදුවූයේ ද මෙම පොහෝ දිනයේ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

ලක්දිව ප්‍රථම වස් එලැඹීම සටහන් කළ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය උපසම්පදා භික්ෂුන්ගේ පෙර වස් එළැඹුම් දිනය ද වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]