විල්පත්තුව ආසන්නයේ කල්ලාරු විනාශය තව ම අවසන් නැහැ – Newsfirst ගුවන් සංචාරයෙන් හෙළි වෙයි (Watch Report)

විල්පත්තුව ආසන්නයේ කල්ලාරු විනාශය තව ම අවසන් නැහැ – Newsfirst ගුවන් සංචාරයෙන් හෙළි වෙයි (Watch Report)

කර්තෘ Staff writer

28 Jun, 2015 | 9:08 pm

විල්පත්තුවට මායිම්වූ කල්ලාරු රක්ෂිතයේ නැවත පදිංචිකිරීම් එවක විෂය භාර අමාත්‍යවරයා වූ තමා දැනුවත්ව සිදු නොවූ බව හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පවසයි.

අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතාගේ මැදිහත්වීමෙන් මේ රක්ෂිත ප්‍රදේශය හෙළිපෙහෙළිකර ඉදිකිරීම් සිදුවූ අතර තවමත් එය නවතා දමා නොමැති බව හෙළි විය.

නිව්ස්ෆස්ට් ගුවනින් මේ ප්‍රදේශයේ කළ සංචාරයකින් පසු සිදුකරන අනාවරණය පහත වීඩියෝවෙන් දැක්වේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ආරු වනාන්තරය හෙවත්, මරිච්චුක්කඩ්ඩෙයි – කරඩික්කුලි වන රක්ෂිතය සැලකෙන්නේ, විල්පත්තුව හා බැදී පවතින සුවිශේෂී වනාන්තර පද්ධතියක් ලෙස ය.

2010 වසරේ සිට සිදු වන ජනාවාස පිහිටුවීම සහ ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් මේ වනවිට මෙම පරිසර පද්ධතියේ අක්කර 3000ක් පමණ විනාශ වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]