විල්පත්තුව වනෝද්‍යානය ආශ්‍රිත ඉඩම් යළි මැනීම අවසන්

විල්පත්තුව වනෝද්‍යානය ආශ්‍රිත ඉඩම් යළි මැනීම අවසන්

විල්පත්තුව වනෝද්‍යානය ආශ්‍රිත ඉඩම් යළි මැනීම අවසන්

කර්තෘ Staff writer

25 Jun, 2015 | 9:42 am

විල්පත්තුව වනෝද්‍යානය ආශ්‍රිත ඉඩම් නැවත මැනීමේ කටයුතු අවසන් කර තිබේ.

පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, වනෝද්‍යාන සීමාව ආශ්‍රිත සිදුවූ නැවත පදිංචි කිරීම් හා වනවිනාශය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු සොයා බැලීම සඳහා මෙම මැනුම් කටයුතු සිදුකළ බව ය.

ඒ අනුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජී .පී .එස් තාක්ෂණයද යොදා ගනිමින් මෙම මැනුම් කටයුතු සිදුකළ බව ඔහු සඳහන් කළේ ය.

ලේකම්වරයා පැවසුවේ, මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානයේ නැවත පදිංචි කිරීම් හා වන විනාශය සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් අමාත්‍යංශයේ අවධානයට ලක්කර ඇති බව ය.

පරිසර සංවිධාන ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාව මෙන්ම පරිසර අමාත්‍යංශය සකස් කළ වාර්තාව ද ඊට ඇතුළත් බව ලේකම්වරයා පැවසී ය.

මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානය ආශ්‍රිතව සිදු කළ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව තහනම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]