සති අන්තයේ මධ්‍යම තැපැල් හුවමාරුව හිස් කරන බව තැපැල්පති කියයි

සති අන්තයේ මධ්‍යම තැපැල් හුවමාරුව හිස් කරන බව තැපැල්පති කියයි

සති අන්තයේ මධ්‍යම තැපැල් හුවමාරුව හිස් කරන බව තැපැල්පති කියයි

කර්තෘ Staff writer

19 Jun, 2015 | 1:05 pm

මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබූ ලියාපදිංචි ලිපි බෙදා හැරීමේ කටයුතු බොහෝ සෙයින් අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා ප්‍රකාශ කළේ, මෙම සති අන්තය වන විට ගොඩ ගැසී ඇති ලිපි සම්පූර්ණයෙන් බෙදා හැර අවසන් කිරීමට හැකි වනු ඇති බව ය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙලෙස ලියාපදිංචි ලිපි ගොඩගැසීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ, සේවක හිඟය මෙම තත්ත්වයට හේතු වූ බව ය.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බව ය.