මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් කෝප් කමිටුව ඊයේ ප්‍රකාශයක් ලබා ගනී

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් කෝප් කමිටුව ඊයේ ප්‍රකාශයක් ලබා ගනී

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් කෝප් කමිටුව ඊයේ ප්‍රකාශයක් ලබා ගනී

කර්තෘ Staff writer

19 Jun, 2015 | 9:34 am

මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ඒ, මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව පිළිබඳ විමර්ශනයට අදාළව ය.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීව් ගුණසේකර මහතා සඳහන් කළේ, ඊයේ පැය 02ක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කළ බව ය.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා ලබන සතියේ යළිත් කමිටුව හමුවට කැඳවා ඇති බව ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

මහ බැංකු අධිපතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ඒ සම්බන්ධ විමර්ශනයක් පවත්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කථානායක වරයා කෝප් කමිටුවට දැනුම්දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]