මදුනාගල රක්ෂිතයේ සතුන් දඩයමේ යෙදුණු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට (VIDEO)

මදුනාගල රක්ෂිතයේ සතුන් දඩයමේ යෙදුණු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට (VIDEO)

කර්තෘ Staff writer

19 Jun, 2015 | 1:59 pm

මදුනාගල රක්ෂිතයේ සතුන් දඩයමේ යෙදුණු බවට සැකපිට අම්බලන්තො‍ට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට වනජීවී කාර්යාලය පැවසුවේ, ඊයේ රාත්‍රීයේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුව ගත් බව ය.

සැකකරු සතුව තිබී මීමින්නෙකුගේ සිරුරක් සහ පතුරම් තුවක්කුවක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකාර මන්ත්‍රීවරයා සමග සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පළා ගොස් ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]