පොලීසියට අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්

පොලීසියට අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්

පොලීසියට අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්

කර්තෘ Staff writer

19 Jun, 2015 | 12:23 pm

රවී වෛද්‍යාලංකාර හා ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර තිබේ.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, ඇතිවූ පුරප්පාඩු සහ කැබිනට් අනුමැතිය මත ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන අදාළ පත්වීම් ලබා දී ඇති බව ය.

වර්ෂ 1979 දී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට බැඳී ඇති රවී වෛද්‍යාලංකාර මහතා වර්තමානයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කරයි.

වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කරන ඩී. ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා 1982 වර්ෂයේදී උප පොලිස් පරීක්ෂවරයෙකු ලෙස සේවයට බැඳී ඇත.