සහජීවනයේ ශක්තිය ලොවට පෙන්නුම් කරන රට ම රොද බැඳගත් රන්භූමි රැලිය හෙට ගාලුමුවදොරට

සහජීවනයේ ශක්තිය ලොවට පෙන්නුම් කරන රට ම රොද බැඳගත් රන්භූමි රැලිය හෙට ගාලුමුවදොරට

සහජීවනයේ ශක්තිය ලොවට පෙන්නුම් කරන රට ම රොද බැඳගත් රන්භූමි රැලිය හෙට ගාලුමුවදොරට

කර්තෘ Sakila Udayakumara

08 Jun, 2015 | 9:40 pm

ශ්‍රී ලාංකික ජනතාවගේ සහජීවනයේ ශක්තිය ලොවට පෙන්නුම් කරමින් රට පුරා සංචාරය කළ රන්භූමි රැලියේ ගමනාන්තය සනිටුහන් වීමට ඇත්තේ, තව ත් එක් දිනක් පමණි.

මෙතෙක් පැමිණි ගමන පුරාවට හිමි වූ ඉහළ ජන ප්‍රසාදය පෙරටු කර ගනිමින් අද රන්භූමි රැලිය කළුතරින් ගමන් ආරම්භ කළේ ය.

ජනතා ආශිර්වාදය පෙරටු කර ගනිමින් රට පුරා සංචාරය කළ රන්භූමි රැලිය අද කළුතර බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේ ය.

දින 31ක මතක සටහන් සමග පැමිණි රන්භූමි රැලිය කළුතර ජනතාව පිළිගත්තේ, මහත් අභිමානයකිනි.

සමාරම්භක උත්සවයට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ විධායක නිලධාරීන්, කොළඹ වරාය නගර ව්‍යාපෘති නිලධාරීන් සහ ජාතික තරුණ සේවා සභා නිලධාරීහු ද සහභාගී වූහ.

රැලියට සුබ පැතුම් එක් කරමින් එම ජනතාව අත්වැල් බැඳ ගත්තේ, කළුතර නගර නාමය එහි සනිටුහන් කරමිනි.

කළුතර ජනතා සුබ පැතුම් පිළිගත් රන්භූමි රැලිය අද 2වන නැවතුම වූ වාද්දුව බලා ගමන් ආරම්භ කළේ ය.

වාද්දුවට පැමිණි රන්භූමි රැලිය මහත් හරසරින් පිළිගැනීම‍ට එහි ජනතාව පියවර ගත්තේ ය.

සමගියේ පණිවුඩය රැගෙන තම නගරයට පැමිණි රන්භූමි රැලියට ඔවුන් සුබ පැතුම් එක් කළේ, හෘදයාංගමව ය.

ජාතික සමගිය හරහා රටේ සංවර්ධනයට තම දායකත්වය ලබා දෙමින් වාද්දුවේ ජනතාව ද සිය නාමය රන්භූමියේ සනිටුහන් කළේ ය.

රන්භූමි රැලිය පැමිණෙන තුරු මග බලමින් සිටි කුඩා දක්ෂයෙකුට සිය නගර නාමය එහි සනිටුහන් කිරීමට අවස්ථාව හිමිවිණි.

රන්භූමි රැලිය පිළිබඳව එම දරුවා තුළ වූ හැඟීමට ශක්තියක් දෙමින් අපි වාද්දුවේ පිහිටි ඔහුගේ නිවසට ගියෙමු.

අවුරුදු දෙක හමාරක් වයසැති ඩිලක්ෂ ඕසද රන්භූමි රැලියේ ආකෘතියක් නිර්මාණය කර තිබිණි.

ඕස‍දගේ ඒ උත්සාහය අගයමින් රන්භූමි රැලිය අද ගමනාන්තය වූ පානදුර බලා ගමන් ආරම්භ කළේ ය.

පානදුරදී ත් රැලියට හිමි වුණේ, ඉහළ පිළිගැනීමකි.

පානදුර පැවැති උත්සවයට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරුන් වන ශාන්ති බගිරදන් මහත්මිය, රුද්‍රානි බාලසුබ්‍රමනියම් මෙනවිය හා ඇන්ජලෝ පැට්‍රික් මහතා ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

රන්භූමියේ සිය නාමය සනිටුහන් කිරීමට පානදුර ජනතාව ද භේද නොතකමින් අත්වැල් බැඳ ගත්තේ ය.

හෙට සනිටුහන් වන්නේ, රන්භූමි රැලියේ අවසන් දිනය යි.

පෙරවරු 9.00ට මොරටුව දුම්රියපොළ අසලින් ගමන් අරඹන රන්භූමි රැලිය පෙරවරු 11.00ට දෙහිවල දුම්රිය පොළ අසලට ළඟා වීමට නියමිත ය.

රන්භූමි රැලිය හෙට පස්වරු 2.00ට මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයට පැමිණෙයි.

මහරගම නාමය සනිටුහන් කර ගැනීමෙන් පසු රන්භූමි රැලිය ගාලු මුවදොර දක්වා පාගමනින් පැමිණීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]