වෛද්‍යවරයෙකු ස්ත්‍රී දූෂකයෙකු කිරීමට තැත් කළ දෙදෙනෙකුට වැඩ වරදී

වෛද්‍යවරයෙකු ස්ත්‍රී දූෂකයෙකු කිරීමට තැත් කළ දෙදෙනෙකුට වැඩ වරදී

වෛද්‍යවරයෙකු ස්ත්‍රී දූෂකයෙකු කිරීමට තැත් කළ දෙදෙනෙකුට වැඩ වරදී

කර්තෘ Staff writer

08 Jun, 2015 | 8:58 am

කාන්තාවක යොදාගෙන බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අදාළ කාන්තාව විසින් කරන ලද දැනුම් දීමට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය.

එලෙස අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් දෙදෙනාට කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]