විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත්වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පස් නමකට ඇප

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත්වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පස් නමකට ඇප

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත්වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පස් නමකට ඇප

කර්තෘ Sakila Udayakumara

08 Jun, 2015 | 4:06 pm

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පස් නමක් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේ ය.

ඒ, මුදලින් රුපියල් 10000ක සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ඇප 2ක් මත ය.

එම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට පත් වුණේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට ගොස් එහි දේපළවලට රුපියල් 2,84,000 හානියක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්. චන්ද්‍රතිලක මහතා කියා සිටියේ, ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කිරීමේදී තව ත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි බව ය.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පැවසුවේ, සැකකරුවන් ලෙස සැලකිය හැකි සියලු දෙනා අධිකරණය හමුවට පමුණුවන ලෙස ය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි යූසුෆ් නසාර් නීතීඥවරයා පැවසුවේ, සිසුන් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වුවත්, ඔවුන් මෙතරම් හානියක් සිදු කර නොමැති අතර ඔවුන් සිදු කළේ, එහි ඉබ්බෙක් කඩා දැමීම පමණක් බව ය.

කෙසේ වෙතත් ජූලි 6 වන දා යළි ත් සියලු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]