බැසිල් රාජපක්ෂට ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම 15 වන දා දක්වා යයි

බැසිල් රාජපක්ෂට ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම 15 වන දා දක්වා යයි

බැසිල් රාජපක්ෂට ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම 15 වන දා දක්වා යයි

කර්තෘ Staff writer

08 Jun, 2015 | 6:20 pm

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ලබන 15 වන දා දක්වා කල් දමනු ලැබුවා ය.

පෙත්සම ගොනුකර ඇත්තේ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා දෙන ලද නියෝගය සාධාරණ නැතැයි පවසමිනි.

අද එම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කියා සිටියේ, රාජපක්ෂ මහතාට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් තිබෙන බව ත් එය යළි ත් ජුනි 12 වන දා කැඳවීමට නියමිත බව ත් ය.

පෙත්සමෙන් නම් කර ඇති වග උත්තරකරුවන්ට විරෝධතා ඉදිරිපත් කිරීමට දිනයක් දිය යුතු බැවින් පෙත්සම විභාගය ජුනි 15 වන දිනට කල් දැමිණ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]